
අනවසර සංක‍්‍රමණිකයන් පුරවා ගත් බෝට්ටුවක් මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය 43 දෙනා අතර බිලිඳන් තිදෙනකු ද සිටින බව පැවැසෙයි.
බෝට්ටුව ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගනිමින් මුහුදේ අතරමං වී පාවෙමින් සිටි 10 දෙනකු බේරා ගැනීමට මොරොක්කෝ වෙරළාරක්ෂක නිලධාරීහු සමත් වූහ.
සංක‍්‍රමණිකයන් රුගත්බෝට්ටුව මුහුදේ ගිලී ගියේ ස්පාඤ්ඤ කැනේරි දූපත අසල මුහුදේ යැයි ද පැවැසෙයි. සංක‍්‍රමණිකයන් බොහෝ දෙනා උතුරු ඇමෙරිකා රටවල සිට යුරෝපා රටවලට යෑමට උත්සාහ ගත් අය යැයි ස්පාඤ්ඤ වෙරළාරක්ෂක නිලධාරීහු පවසති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd