මගින් 173 දෙනෙක් රැගෙන මධ්‍යම  පිලිපිනයේ වරායෙන් පිටත්වු බෝට්ටුවක් පෙරලිමෙන් අවම වශයෙන් 36 දෙනෙක් මියගොස් ඇතැයි ද බේරාගත් පිරිස 118ක් යැයි ද පිලිපීන වෙරළාරක්ෂකයන් පැවසුවේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම්.බී. නිර්වාණ නැමැති බෝට්ටුව ලීටෙ ප්‍රදේශයේ ඔර්මොක් නගරයෙන්  නැගෙනහිර සිබුහි කැමෝට්ස් දිවයිනේ  පිලර් වරාය දක්වා යාත්‍රා කිරිමේදි මෙම අනතුරට මුහුණ පා තිබේ.

මෙම බෝට්ටුව මීටර් 27 ක් දිගැති එකක් බව පිලිපින වෙරළාරක්ෂක බලකායේ ලුතිනන් ක්‍රිස්ට්‍රෝපර් ගැනෙට් පවසා ඇත. ඔහු තවදුරටත් පැවසුවේ අනතුරින් ගලවා ගත් පිරිස් ඔර්මොක් රෝහලට ඇතුලත් කල බවයි. පිලිපීනයේ රතුකුරුස සංවිධානය පවසන්නේ අධික සුළං හේතුවෙන් බෝට්ටුව පෙරැළී ඇති බවයි. මෙම බෝට්ටුව කුඩා එංජිමකින් පණගන්වා ඇති බවද පැවසේ. මෙවැනි යාත්‍රා මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනයට, මෙන්ම ධීවර කටයුතුවලටද පිලිපිනයේ බහුල ලෙස යොදා ගැනේ.