තුර්කියේ සිට ග්‍රිසිය දක්වා සරණාගතයන් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් ගිලී යාමෙන් 18ක් පමණ මියගොස් ඇතැයි තුර්කි රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි. මියගිය අය අතර දරුවන් තිදෙනකු සිටින බවත් 15 දෙනකු බේරාගැනීමට හැකිවූ බවත් වාර්තා වේ.
මේ අනතුර සිදුව ඇත්තේ තුර්කියේ ඩිඩිම් ප්‍රදේශය ආසන්න ඊජියන් මුහුදේ දී ය. මේ මාසයේ ගත වූ දින කිහිපයේ දී සරණාගතයන් රැගත් බෝට්ටු ගිලී යාමෙන් 321 දෙනකු මියගොස් ඇතැයි සරණාගතයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පාලකයන් එළවා ගත්තට ප්‍රතිඵල ඒ රටේ ජනතාව විඳිනවා. (නි)
නිරන්තරයෙන් අසන්නට ලැබෙන මෙවන් ඛේදවාචකයන්, කවදා නිමාවට පත්වේදෝ...? තමන් උපන් භුමියේ ඉන්නම බැරි නිසානේ මෙම අසරණයින් පන එපා කියා මෙසේ බෝට්ටු වලින් එනවා ඇත්තේ. (නි)