ඉන්දියාවේ බැංගලෝර් නගරයේ පාසැලකට ඇතුළු වූ දිවියෙක් පුද්ගලයන් හය දෙනකුට තුවාල සිදුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. පැය දහයක පමණ කාලයක් තිස්සේ මෙම සතා අල්ලා ගැනීමට සිදුකළ මෙහෙයුමේදී මොවුන්ට තුවාල සිදුවී ඇත. ඉන්දීය මාධ්‍ය පවසන්නේ තුවාල සිදුවූවන් අතර විද්‍යාඥයෙක් සහ වන නිළධාරියකු ද සිටින බවයි.

සතා නිර්වින්දනය කිරීමෙන්  පසුව අල්ලාගෙන වනෝද්‍යානයකට මුදාහැර ඇත. ඉන්දියාවේ වනාන්තර වල දිවියන් 12000ත් 14000ත් අතර ප්‍රමාණයක් සිටින බව වාර්ථා වේ.