බංග්ලාදේශයට ආ රෝනු සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට 6 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

50කට වැඩි පිරිසක් සුළි කුණාටුවෙන් අනතුරට පත්ව ඇති බවත් එරට චිතගොන්, බෝලා හා පටුආකාලි හි නිවාස 100කට වැඩි ප්‍රමාණයක් හානියට පත්ව ඇතැයි කියති.

මේ අතර ධාරානිපාත වැසිද බංග්ලාදේශයේ චිතගොන් හරහා ඇද හැළෙමින් පවතින  බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චිතගොන් හා සිල්හෙට් ප්‍රදේශවල කඳුකරයේ ඇතිවන වැසිත් සමග නායයාම් අවදානමක්ද ඇතැයි එරටින් වාර්තාවේ.