
රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පවත්වන සිසුන් පිරිසක් සහ එම කෝටා ක්‍රමයට සහාය දක්වන සිසුන් පිරිසක් අතර ගැටුමක් ඩකා අගනුවර සිදුවුණු අතර පොලිසිය පැවැසුවේ එයින් සිසුන් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවය.
කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පැවැත්වූ සිසුන්ට පහර දුන් බව පැවැසෙන්නේ, බංග්ලාදේශ අගමැතිනියගේ පාලක පක්ෂය වන ‘අවාමි ලීගය’ හා සම්බන්ධ සිසුන් බව පැවැසෙයි.
සිසුන් යකඩ මුගුරුවලින් එකිනෙකාට පහර දෙන අයුරු බංග්ලාදේශ මාධ්‍ය ඔස්සේ විකාශය විය. පිරිස පාලනයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.
ෂෙයික් හසීනා පසුගිය ජනවාරියේ පැවැති මහ මැතිවරණයෙන් දිගටම බලයේ සිටීමට සමත් වීමෙන් පසු එරට පැවැති පළමු විරෝධතාව මෙයයි.
පසුගිය ජනවාරි මැතිවරණයට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් වූයේ නැත. ඒ, ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයේ සිටින තුර සාධාරණ මැතිවරණයක් සිදු නොවන බව පෙන්වා දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd