
රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පවත්වන සිසුන් පිරිසක් සහ එම කෝටා ක්‍රමයට සහාය දක්වන සිසුන් පිරිසක් අතර ගැටුමක් ඩකා අගනුවර සිදුවුණු අතර පොලිසිය පැවැසුවේ එයින් සිසුන් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවය.
කෝටා ක්‍රමය අවසන් කරන්නැයි බල කරමින් විරෝධතා පැවැත්වූ සිසුන්ට පහර දුන් බව පැවැසෙන්නේ, බංග්ලාදේශ අගමැතිනියගේ පාලක පක්ෂය වන ‘අවාමි ලීගය’ හා සම්බන්ධ සිසුන් බව පැවැසෙයි.
සිසුන් යකඩ මුගුරුවලින් එකිනෙකාට පහර දෙන අයුරු බංග්ලාදේශ මාධ්‍ය ඔස්සේ විකාශය විය. පිරිස පාලනයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.
ෂෙයික් හසීනා පසුගිය ජනවාරියේ පැවැති මහ මැතිවරණයෙන් දිගටම බලයේ සිටීමට සමත් වීමෙන් පසු එරට පැවැති පළමු විරෝධතාව මෙයයි.
පසුගිය ජනවාරි මැතිවරණයට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් වූයේ නැත. ඒ, ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයේ සිටින තුර සාධාරණ මැතිවරණයක් සිදු නොවන බව පෙන්වා දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශයේ සිසු ගැටුමක්: 100 ක් රෝහලේ