
බංගලාදේශයේ දකුණු දිග නයපාරා රෝහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇතිවූ ගින්නකින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඔවුන් පවසන්නේ ගින්නෙන් නිවාස 550ක් පමණ විනාශ වී 3,500කට පමණ වාසස්ථාන අහිමිවී ඇති බවයි.කඳවුරේ ඊ කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සරණාගතයින්ගේ සියලු දේ ගිනිබත්වී ඇති බවත් පැවසේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ හමුදාව වහාම කැඳවා ඇති නමුත් ගින්න නිවීම සඳහා පැය දෙකකටත් වැඩිකාලයක් ගතවූ බව සඳහන් වේ. නිවාස තුළ තිබූ ගෑස් සිලින්ඩර් පුපුරා යෑම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අපහසු වී ඇත.
ගින්නෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.
රෝහින්ග්‍යා වැසියන් මිලියනයකට වැඩි පිරිසක් බංගලාදේශයේ දකුණු දිග කඳවුරු වල වෙසෙති.මොවුන්ගෙන් බහුතරය 2017 වසරේ මියන්මාරයේ මර්දන හේතුවෙන් පලා ආ පිරිස් වෙයි.
පසුගිය සති වලදී බංගලාදේශ රජය රෝහින්ග්‍යා වැසියන් දහස් ගනනක් දුර බැහැරින් පිහිටි දිවයිනකට ගෙන ගියේය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංගලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරේ ගින්නකින් නිවාස 550ක් විනාශයි