
බංග්ලාදේශයේ දිගම පාලම එරට අග්‍රාමාත්‍ය ශීක් හසීනා අතින් විවෘත කෙරුණි. පද්මා ගංගලාවට ඉහළින් මෙම පාලම ඉදි කර ඇත්තේ ඩකා අගනුවර සහ බංග්ලාදේශයේ නිරිතදිග පළාත් යා කරමිණි.
පාලම විවෘත කරමින්, අග්‍රාමාත්‍ය ශීක් හසීනා කියා සිටියේ මෙම පාලම ජාතියේ අභිමානය බවය. පාලම ‘පද්මා’ යනුවෙන් නම් කර තිබේ. කිලෝ මිටර් 6.15 ක් දිග පාලමේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2015 දීය. පාලම බංග්ලාදේශයේ නිරිතදිග පළාත් 21 ක් යා කරයි. ඒ, නිරිතදිග අධිවේගී මාර්ගය හරහාය.
ඇමෙරිකන් ඩොලර් බිලියන 4 කට වඩා වැඩි මුදලක් මෙම පාලම ඉදි කිරීමේ ව්‍යාපෘතියට වැයවී ඇති අතර, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් ද එල්ල වී තිබේ.
ලෝක බැංකුවේ සහාය පාලම ඉදිකිරීමේ කටයුතුවලට ලැබුණු නමුත් දූෂණ චෝදනා එල්ල විමත් සමඟ ලෝක බැංකුව සහාය දීම නතර කළේය.
ලෝක බැංකුව පමණක් නොව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය, ආසියානු සංවර්ධන බැංකුව ද පාලමට මුදල් ලබා දුන් නමුත් දූෂණ චෝදනා එල්ල වෙද්දී ඔවුන් ද බංග්ලාදේශ රජයට මුදල් දීම නවතා දැමීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd