IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ

බංග්ලාදේශයේ දිගම පාලම එරට අග්‍රාමාත්‍ය ශීක් හසීනා අතින් විවෘත කෙරුණි. පද්මා ගංගලාවට ඉහළින් මෙම පාලම ඉදි කර ඇත්තේ ඩකා අගනුවර සහ බංග්ලාදේශයේ නිරිතදිග පළාත් යා කරමිණි.

පාලම විවෘත කරමින්, අග්‍රාමාත්‍ය ශීක් හසීනා කියා සිටියේ මෙම පාලම ජාතියේ අභිමානය බවය. පාලම ‘පද්මා’ යනුවෙන් නම් කර තිබේ. කිලෝ මිටර් 6.15 ක් දිග පාලමේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2015 දීය. පාලම බංග්ලාදේශයේ නිරිතදිග පළාත් 21 ක් යා කරයි. ඒ, නිරිතදිග අධිවේගී මාර්ගය හරහාය.

ඇමෙරිකන් ඩොලර් බිලියන 4 කට වඩා වැඩි මුදලක් මෙම පාලම ඉදි කිරීමේ ව්‍යාපෘතියට වැයවී ඇති අතර, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් ද එල්ල වී තිබේ.

ලෝක බැංකුවේ සහාය පාලම ඉදිකිරීමේ කටයුතුවලට ලැබුණු නමුත් දූෂණ චෝදනා එල්ල විමත් සමඟ ලෝක බැංකුව සහාය දීම නතර කළේය.

ලෝක බැංකුව පමණක් නොව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය, ආසියානු සංවර්ධන බැංකුව ද පාලමට මුදල් ලබා දුන් නමුත් දූෂණ චෝදනා එල්ල වෙද්දී ඔවුන් ද බංග්ලාදේශ රජයට මුදල් දීම නවතා දැමීය.

(ඒ.එෆ්.පී.)‍



අදහස් (0)

බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site