බංගලාදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා  ඇති බව එරට පොලිසිය පවසයි.
 
 ගල් අඟුරු ප්‍රවාහනය කරන ලද ට්‍රක් රථයක් කම්කරුවන් සිටින නිවෙස් කිහිපයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇත. 
 
 රියදුරුට වේගය පාලනය කරගත නොහැකිවී ඇති අතර ට්‍රක් රථය පෙරළෙන අවස්ථාවේ නිවාසයන්හි සිටි කම්කරුවන් නින්දගොස් සිට ඇත. 
 
මාර්ග අනතුරු හේතුවෙන් බංග්ලාදේශයේ සෑම වසරකම 12,000 ක් පමණ මිය යන බවත්,  රථවාහන නීති කඩකිරීම්  හා අබලන් වූ මාර්ග පද්ධතිය හේතුවෙන් මෙවැනි අනතුර සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
 
 
(63226)