බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19කින් යුතු ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
බොහෝ පිරිස් ගොඩනැගිල්ලේ සිරවී සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා යුධ, නාවික හා ගිනි නිවන භටයන් එම ස්ථානයට කැඳවා ඇත.
 
ගොඩනැගිල්ලේ කවුළුවලින් මිනිසුන් ආධාර ඉල්ලා කෑගසන බවද මිනිසුන් කවුළුවලින් පිටතට පනින බවද මාධ්‍ය වාර්තා කර ඇත. 
 
අවම වශයෙන් පුද්ගලයන් හයදෙනකු ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් පිටතට පැන දිවි බේරාගත් බව පැවසේ.
 
ගිනි නිවන හමුදා ඒකක 19ක් මෙහෙයුම්වල නිරතව සිටින බවත් හෙලිකොප්ටර් යානා යොදාගෙන ජලය ඉසින බවත් හදිසි මෙහෙයුම් ඒකකය පවසයි.
 
මෙම ගොඩනැගිල්ලේ කාර්යාල සංකීර්ණයක් පිහිටා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
 
(බීබීසී ඇසුරිණි - 085)