IMG-LOGO

බංග්ලාදේශයේ කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක්

බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19කින් යුතු ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
බොහෝ පිරිස් ගොඩනැගිල්ලේ සිරවී සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා යුධ, නාවික හා ගිනි නිවන භටයන් එම ස්ථානයට කැඳවා ඇත.
 
ගොඩනැගිල්ලේ කවුළුවලින් මිනිසුන් ආධාර ඉල්ලා කෑගසන බවද මිනිසුන් කවුළුවලින් පිටතට පනින බවද මාධ්‍ය වාර්තා කර ඇත. 
 
අවම වශයෙන් පුද්ගලයන් හයදෙනකු ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් පිටතට පැන දිවි බේරාගත් බව පැවසේ.
 
ගිනි නිවන හමුදා ඒකක 19ක් මෙහෙයුම්වල නිරතව සිටින බවත් හෙලිකොප්ටර් යානා යොදාගෙන ජලය ඉසින බවත් හදිසි මෙහෙයුම් ඒකකය පවසයි.
 
මෙම ගොඩනැගිල්ලේ කාර්යාල සංකීර්ණයක් පිහිටා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
 
(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

බංග්ලාදේශයේ කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site