බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් ඊයේ (24* හදිසියේම බිමට සමතලා වීමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 දෙනෙක් තුවාල ලැබූහ.
බිමට සමතලා වී ඇත්තේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි ඉහළ මහලවල වෙළෙඳ සැල් තිබුණු බව ද පැවැසෙයි.
අනතුරට පත්වූ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ සවාර් දිස්ති‍්‍රක්කයේය. රානා ප්ලාසා නමින් හැඳින්වෙන එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු ඊයේ දිනය පුරා සිදුවිය. සහන සේවකයන් පැවැසුවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.        

කඩාවැටුණු ගොඩනැගිල්ල

 

සුන්බුන් අතරින් තුවාලකරුවන් බේරාගනිමින්