
බංග්ලාදේශයේ ඩකා අගනුවර, මීර්පූර් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක් සහ යාබද රසායනික ගබඩාවක් ගිනි ගැනීමෙන් 16 ක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් 18 දෙනකු බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි. ගින්න හටගත්තේ උදෑසන 11.45 ට පමණය. පිළිස්සී මියගිය අය හඳුනා ගැනීම ඩී.එන්.ඒ. සාක්ෂි අනුව සිදු කෙරෙන බව ද පැවැසෙයි.
රසායනික ගබඩාවෙන් නිකුත් වූ විස වායු නිසා බොහෝ දෙනකු සිහිසුන් වී, පසුව ගින්නට බිලි වන්න ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd