බංග්ලාදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ බසයකට එල්ලවූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනකු මියගොස් පහළොස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව එරට රෝහල් ආරංචිමාර්ග පවසයි. ප්‍රහාරය එල්ලවී ඇත්තේ අළුයම හතරට පමණ බව ද ප්‍රහාරය එල්ලවෙද්දී බසයේ සිටි සියළුදෙනාම පාහේ නින්දේ පසුවී ඇතැයි ද පළාත් පොලිස් ප්‍රධානී පවසා ඇත.

මාසයක පමණ කාලයක සිට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලක් හටගෙන ඇති අතර මේ ප්‍රහාරය ද එයට සම්බන්ධයක් ඇතැයි ආරක්ෂ අංශ සැකකරයි.