
ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය කළ බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
31 හැවිරිදි සුරූපී නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පෙරේදා (18) ය. විශේෂ ආරක්ෂාවක් යටතේ ඇය ඩකා අධිකරණයට යොමු කෙරුණි. පොලිසිය නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ගත්තේ ඩකා ගුවන්තොටුපොළේදී යැයි ද පැවැසෙයි.
එහිදී නුස්රාත් ෆරීයාගේ නීතීඥවරයා ඇය වෙනුවෙන් ඇප ඉල්ලා සිටි අතර, ඇප ඇයදුම්පත සලකා බැලීම අද (22) කල් දැමීමට අධිකරණය තීන්දු කළේය.
2023 වසරේ තිරගත වුණු ‘මුජිබ්’ නමැති බංග්ලාදේශ චිත්‍රපටයට පාදක වන්නේ, බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන, ෂෙයික් හසීනාගේ පියා ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජීවිත කතාවය. ෂෙයික් මුජිබර් රහ්මාන් යනු හසීනාගේ පියාය.
විරෝධතා හමුවේ රටින් පලා ගිය ෂෙහික් හසීනාට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඇගේ අවාමි ලීගය පක්ෂය තහනම් කිරීමට බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලය තහංචි පනවා ඇත. ඒ, මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වන අයුරිනි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට