
ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය කළ බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
31 හැවිරිදි සුරූපී නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පෙරේදා (18) ය. විශේෂ ආරක්ෂාවක් යටතේ ඇය ඩකා අධිකරණයට යොමු කෙරුණි. පොලිසිය නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ගත්තේ ඩකා ගුවන්තොටුපොළේදී යැයි ද පැවැසෙයි.
එහිදී නුස්රාත් ෆරීයාගේ නීතීඥවරයා ඇය වෙනුවෙන් ඇප ඉල්ලා සිටි අතර, ඇප ඇයදුම්පත සලකා බැලීම අද (22) කල් දැමීමට අධිකරණය තීන්දු කළේය.
2023 වසරේ තිරගත වුණු ‘මුජිබ්’ නමැති බංග්ලාදේශ චිත්‍රපටයට පාදක වන්නේ, බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන, ෂෙයික් හසීනාගේ පියා ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජීවිත කතාවය. ෂෙයික් මුජිබර් රහ්මාන් යනු හසීනාගේ පියාය.
විරෝධතා හමුවේ රටින් පලා ගිය ෂෙහික් හසීනාට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඇගේ අවාමි ලීගය පක්ෂය තහනම් කිරීමට බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලය තහංචි පනවා ඇත. ඒ, මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වන අයුරිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd