IMG-LOGO

බංගලාදේශ නිදහස් උළෙලට අගමැති මහින්දටත් ආරාධනා

( තිළිණි ද සිල්වා සහ තුෂාර සිල්වා )

දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සිකුරාදා (19)  බංග්ලාදේශයට  පැමිණෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (14) වාර්තා කළේය.

බංග්ලාදේශ රජය කළ නිල ආරාධනයකට අනුව  එරටට යන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මෙම නිල සංචාරයේ නිරත වේ.බංග්ලාදේශය පාකිස්තානයෙන් නිදහස ලබා වසර 50 ක් සැමරීම නිමිත්තෙන් ඩකා අගනුවර පැවැත්වෙන් රාජ්‍ය උත්සව කිහිපයකට හා සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙම නිල ආරාධනය කර ඇතැයිද පැවසේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  අමතරව ඉන්දියාවේ, නේපාලයේ, භූතානයේ සහ මාලදිවයිනේ රාජ්‍ය නායකයින්ද  වෙන වෙනම කාලසටහන් යටතේ මෙම සැමරුම් උත්සවවලට එක්වන සම්භාවනීය විදේශීය අමුත්තන් අතර සිටින බව බංග්ලාදේශ රජයේ ප්‍රධාන තොරතුරු නිලධාරි සුරත් කුමාර් සර්කාර් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

1971 වසරේදී විමුක්ති යුද්ධයෙන් පසු බංග්ලාද්ශ්‍ය පාකිස්තාන පාලනයෙන් නිදහස් වීමේ පනස්වැනි සැමරුම මේ 17 වැනිදා සිට 27 වැනිදා  දක්වා පැවැත්වීමට නියමිතය.

මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් තෙදින සංචාරයකට මේ 17 වන දින පැමිණෙන අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාර්තු 19 වන දින දෙදින සංචාරයක් සඳහා පැමිණෙනු ඇත.

නේපාල ජනාධිපති බිදියා දේවි භන්දාරි දෙදින සංචාරයක් සඳහා ලබන 22 වැනිදාද , භූතාන අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරින්ග් 24 වැනිදා ද දක්වා , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන  26 දින දෙදින සංචාරයක් සඳහා පැමිණෙනු ඇත.

එම සැමරුම් උත්සව කාලසටහනට අනුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නායකයින් , 1971 විමුක්ති යුද්ධයේ නිදහස් දිවි පිදූවන්ට උපහාර දැක්වීම, විශේෂ හමුදා පෙළපාළි නැරඹීම, රාජ්‍ය භෝජන සංග්‍රහවලට සහභාගී වීම සහ බංගබන්දු කෞතුකාගාරය නැරඹීම සඳහා ලෝක නායකයින් අගනුවර මායිමේ පිහිටි ජාතික ස්මාරකය නැරඹීමට ද පැමිණෙනු ඇත.



අදහස් (0)

බංගලාදේශ නිදහස් උළෙලට අගමැති මහින්දටත් ආරාධනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 79 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 251 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site