පකිස්තානයට එරෙහිව 1971 ජාතික නිදහස් සටනේදී දාමරික ක්‍රියා සහ සමූල ඝාතන සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ප්‍රධානම ඉස්ලාමීය පක්ෂය වන ජමාල් ඉ ඉස්ලාමි පක්ෂයේ නායක මෞතියර් රහුමාන් නිසාමිට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් ආරංචි කියයි.
යුද අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසරේ සිදුකළ විශේෂ අධිකරණ ක්‍රියාවලියකින් පසු ජනසංහාරය, මිනී මැරුම්, වද හිංසා පැමිණවීම්, දූෂණ සහ දේපළ වැනසීම යන චෝදනා 16ක් යටතේ නිසාමිට දඬුවම් නියම කැරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලේ ප්‍රධානී සුරේන්ද්‍ර කුමාර් සිංහා අද (6) නිසාමි ඉල්ලා තිබූ ඇපැල් ප්‍රතික්ෂේප කළේය. ජනපති සමාව ලැබුණොත් පමණක් ඔහුට මරණ දඬුවමින් ගැලවිය හැකි බව එරට ආරංචි පවසයි.
බංග්ලාදේශ ආරංචි කියනුයේ යුද සමයේදී පකිස්තාන හා එරට සොල්දාදුවන් එකතුව මිලියන 3ක පමණ පුද්ගලයන් ඝාතනය කර ඇති බවත් කාන්තාවන් ලක්ෂ 2ක් පමණ දූෂණයට ලක් කර ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල .... මෙතන වෙලා තියෙන්නේ බංග්ලාදේසේ උන් පාකිස්තානේ ට සෙට් වෙලා බංගලාදේසේ උන්වම මරල. එ්කටයි දඩුවම් දෙන්නේ. ඔයා බලාගෙන ඉන්නේ කොටි මරපු අයට දඩුවම් ලැබෙනකම්ද? (බ)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ටිකත් බංග්ලාදේසේට යවන්න බැරි එක ගැන හිතට අමාරුයි. (බ)
ලංකාවේද මෙලෙස නීතිය අකුරටම සිදුවෙයි කියා අපි බලාගෙන ඉන්නවා. කිසිවෙකු දුප්පත් ජනතාවගේ මුදල් හොරකම් කර ඇත්නම්, මිනීමරා ඇත්නම් ඔවුන්ටද බංගලාදේශය මෙන් දඬුවම් කළයුතුයි. (නි)
චමින්ද තමුන් නින්දෙන් අවදිවෙලාද .පහුගිය කාලේ අවනීතියෙන් මැරුවේ කොටිද.කොටි ඝාතන ත්‍රස්තවාදී නැගීමක ප්‍රතිපල. දකුණේ ඝාතකයන්ටත් මරණ දඬුවම දියයුතුයි (බ)
චමින්ද, මම කියා ඇත්තේ දුප්පත් ලාංකිකයින්ගේ ජාතික ධනය හොරා කාපු අයට දඬුවම් දෙන්න කියා. ඔයාමනේ අදහස් කරලා තියෙනේ කොටි මරපු අයයි හොරුයි දෙගොල්ලම එක කට්ටියක් කියලා. (බ)
මේ මරල නැති කරලා තියෙන්නේ ඉස්ලාම් නොවන බංගලාදේශ් වැසියන්.... දුෂණය කරලා තියෙන්නේ ඉස්ලාම් නොවන කාන්තාවන්..... මේ දෙය සිද්ධ වුනේ බංගලාදේශ් ඉස්ලාම් රාජ්‍යයක් කරන්න ඉස්ලාම් අය කරපු සටනේදී....... ලංකාවෙත් මේකම අනාගතයේදී විය හැකිය (බ)
හොදයි.(හේ)
මේ ප්‍රශ්නෙට ඔයාලා ගහගන්න එපා. ලංකාවේ වැරදි කරපු අය දැන් ඔය දිගට හරහට හැමදාම ගෙනියන්නේ,හෙට අනිද්දට බලාගනිමු. (නි)