චීන ආධාර යටතේ ඉදිකැරෙන බංග්ලාදේශයේ චිතගොන් වරාය නගරය අසල ගල් අඟුරු බලාගාරයට විරෝධය පා පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් වැසියන් තුන්දහසකට එරෙහිව නඩු පවරා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.

මෙම බලාගාර ව්‍යාපෘතිය නිසා තමන්ට ඉඩම් අහිමිවනු ඇතැයි ප්‍රදේශවාසීන් බියවීම මෙම විරෝධතාවයන්ට හේතුව බව කියති. මෙම බලාගාර ඉදිකිරීමට පරිසරවේදීන්ගේ ද දැඩි විරෝධය එල්ලවී ඇත. පසුගියදා චිතගොන් වරාය නගරය අසල ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු මිය ගියහ.