බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 200 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩකා පොලිසිය පවසයි.
මහල් අටකින් සමන්විත කම්හල් ගොඩනැගිල්ල පෙරේදා(24) බිමට සමතලා විය. සිද්ධියෙන් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මෑතකාලීනව බංග්ලාදේශයේ සිදු වූ දරුණුතම කම්හල් අනතුර මෙය ලෙස සැලකේ. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයන් සිහි කර එරට රජය ඊයේ ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කර තිබුණි.
විපතට පත් වූවන් මුදා ගැනීමේදී සුන්බුන් අතර සිර වී සිටි 1400ක් බේරා ගැනීමට හැකි විය. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා කණ්ඩායම්, පොලිසිය හා සහන සේවකයන් සහභාගී වී සිටිති.
සුන්බුන් අතර සිර වී සිටින්නන් බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව සහන සේවකයෝ පවසති. එසේ සිර වී සිටින්නන්ට ඔක්සිජන් සැපැයීමට හා ආහාර පාන සැපයීමට පියවර ගෙන තිබේ.
අනතුරට පත් වූ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ සවාර් දිස්ති‍්‍රක්කයේය. රානා ප්ලාසා නමින් හැඳින්වෙන එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1378
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බංග්ලාදේශ ගොඩනැගිලි අනතුරින් මියගිය ගණන 200 දක්වා ඉහළට