බ්ලොග් අඩවියක ආගමික නොවන ලෞකික අදහස් පළ කළ බංග්ලාදේශයේ නීති ශිෂ්‍යයකු වන නසිමුදින් සමාධ් ඩකා අගනුවර ප්‍රධාන මංසන්ධියක කපා කොටා වෙඩි තබා මරා දමා ඇතැයි එරට පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු මෙම ඝාතනය සිදු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
28 හැවිරිදි මෙම සිසුවා ගනජග්රන් මන්ච් නමැති ලෞකික ප්රචාරක කණ්ඩායමේ සංවිධායකවරයා වී සිටි බව වාර්තා විය. බංග්ලාදේශයේ ප්රමුඛ ලෞකික බ්ලොග් වැලක් පසුගිය වසර තුළ ආගමික අන්තවාදීන් විසින් පහරකැමට ලක් වී තිබේ. බංග්ලාදේශ නිල වශයෙන් ලෞකික වන නමුත් රජයට එම ප්රහාර හදුනා ගැනීමට අසමත්ව ඇති බව සදහන්ය .
ඔහු නිතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ආගමික අන්තවාදයට විරුද්ධව ලිපි පළ කළ බවද සදහන් විය.
ප්රමුඛ ලෞකික බ්ලොග් අඩවි රචකයන් හතර දෙනෙකු පසුගිය වසරේ මරා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා මිනිස්සු මේ ආගමික උන්මත්තක රෝගයෙන් ගොඩ යයිද කාල් මාර්කස් කිවුව වගේ ආගම අබින් ම තමයි (හේ)
ඇත්තෙන්ම මුළු ලොව පුරා මේ කුරිරු බව විදහා පානවා, මම නම් දකින්නේ ලෝක සාමය උදෙසා මේක තාවකාලිකව හෝ තහනම් කළ යුතුයි (බ)