බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වි ඇත.‘කයන්ට්‘(කිඹුලා) සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩීෂා මුහුදු තීරයට ඇතුළු වීමට නියමිත බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඒ ප්‍රදේශ වලට දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් ආන්ද්‍රා ප්‍රදේශ් හී දිස්ත්‍රික්ක කිහිපයකට ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් ඉන්දීය කාලගුණ දෙපාර්තුමේන්තුව පවසයි.දිස්ත්‍රික්ක 14කට අනතුරු අඟවා ඇති බවද වාර්තා වෙයි.මුහුද රළු විය හැකි නිසා මුහුදු යාමෙන් වැලකී සිටින ලෙස ධීවරයින්ට උපදෙස් දී ඇත.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව සදහන් වෙයි.ඉදිරි පැය 72 දී සුළි කුණාටුව තවත් බලවත් විය හැකි බව කාළගුණ විද්‍යාඥයෝ පවසති.
‘කයන්ට්‘ යනු මොන් භාෂාවෙන් කිඹුලා යන්නයි.මොන් භාෂාව තායිලන්තයේ සහ මියන්මාරයේ භාවිත වන භාෂාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ" කිඹුලා" කාටවත් කරදරයක් ඇති නොකර ඉන්දියන් සාගරයේම ගිලිලා යන්නයි කියල පතනවා ...! (අ)