රියැදුරු නැතිව කිලෝමිටර 26 ක් ධාවනයවූ දුම්රියක් ගැන බංගලි දේශයෙන් වාර්තා වේ.
බංගලාදේශයේ ෆරිඞ්පූර් සිට රජ්බාර්හි බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය රජ්බාර් දුම්රිය ස්ථානයට පැමිණ නැවත ෆරිඩ්පූර් බලා ධාවනය කිරීමට සූදානම් කර තිබියදී මෙම අබග්ගය සිදුව තිබේ.
එම අවස්ථාවේ දුම්රිය රියැදුරු,නියාමක ආදී දුම්රිය කාර්යමණ්ඩලයේ කිසිවකු දුම්රියේ සිට නැත.ඔවුන් තේ පානය සදහා ගොස් සිට ඇත.
තමන් මේ බව දැනගත්තේ දුම්රිය පසුපසට ධාවනය වන්නේ මන්දැයි සොයාබැලූ අවස්ථාවේ බව රජ්බාර් දුම්රිය ස්ථානාධිපති පවසයි.
වාසනාවට දුම්රිය ටිකට් පරීක්ෂක ඒ වන විට දුම්රියේ සිට ඇති අතර ඔහු වහාම කි‍්‍රයාත්මකව මැදිරියක තිරිංග කි‍්‍රයාත්මක කර දුම්රිය නවතාගෙන ඇත.ඒ වන විටත් දුම්රිය කිලෝමිටර 26 ක් පමණ ධාවනයව තිබී ඇත.
ඔහුගේ දැනුම්දීමට අනුව එතැනට වෙනත් දුම්රිය එන්ජිමක නැගී පැමිණි දුම්රිය රියදුරු නැවත වරක් රජ්බාර් දුම්රිය ස්ථානය බලා දුම්රිය පදවා ඇත.
මූලික පරීක්ෂණ වලදී දුම්රියේ ගමන් ලීවරය අනෙක් පස්සට වැටීම නිසා මෙසේ එය පසුපසට ධාවනයවී ඇති බව අනාවරණයව තිබේ.
දුම්රිය රියැදුරු හා නියාමකගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට බංගලාදේශ දුම්රිය බළධාරීන් පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මුලින්ම සංක්‍රමනිකයෝ ඇවිත් තියෙන්නේ ඔය බංග්ලාදේශය පැත්තෙන් කියනවනේ. එ්ක නිසා ඕක සුළු දෙයක්.(බ)
වහාම ක්‍රියාත්මක වෙලත් කි මි 26ක් ගියා කියන්නේ මේක බුලට් දුම්රියක්ද දන්නේ නෑ (බ)
කොමිසමක් පත් කෙරුවේ නැද්ද ? (ස)
ඕක මෙහෙත් වෙනවනේ.මාළිගාවත්ත අංගනයේ තිබුන එක රත්මලානට එනවා,රත්මලානේ තිබුන එක ගේට්ටුව ළඟට යනවා රියදුරු නැතුව. (නි)
බලන් යනකොට ලංකාවේ වැඩ කොපි කරන රටවල් තියෙනවනේ (බ)
කොහොම වුණත් කාටවත් අනතුරක් නොවී කතාව අවසන්වුණ එක හොඳයි. (නි)
එ්කනම් ඇත්ත (නදී)
ආරක්ෂාව මුල් තැනට -අවොත් මගහැරේ ඔය දෝෂ (නදී)
මදැයි කළා ! අපේ ලෝක වාර්තාව කැඩුවයි කියහන්කෝ (බ)