ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කධිමියා සහ ෂියා ප්‍රදේශ වලට එල්ල වූ කාර් බෝම්බ තුනකින් 80කට ආසන්න පිරිසක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂියා පළාතේ සද්‍ර නගරයේ වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් 64 දෙනෙක් මිය ගොස් තවත් ප්‍රහාර දෙකකින් 20කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. ප්‍රහාරයේ වගකීම සුන්නි ජිහාඩ් නමැති අයි එස් කල්ලිය භාරගෙන තිබේ.සද්‍ර නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් සහ ළමුන් වැඩි බවට සදහන් වේ. බෝම්බය අටවා තිබුනේ එළවලු සහ පලතුරු රැගෙන ආ ට්‍රක් රථයක බවත් එහි රියදුරා එම රථය නැවතූ විගස අතුරුදහන් වූ බවත් ඇසින් දුටු අයෙකු ප්‍රකාශ කර ඇත.එම බෝම්බ වලින් දිවි ගලවාගත් බොහෝ අය එරට දේශපාලකයන්ට දොස් නැගු බවට එරට මාධ්‍ය වාර්තා කළේය.
තම ජනතාව ආරක්ෂා කළ නොහැකි දේශපාලන නායකයන්ගෙන් ප්‍රයෝජනයක් නොමැති බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ. මේ වසරේ මුල් මාස හතර තුල සිවිල් වැසියන් 1885ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලට හොඳ වැඩේ. සදාම් ව පාවල දුන්නට.(අ)