නයිජීරියාවේ ගුවන් හමුදාව අද එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බෝකෝහරාම් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානී අබුබකර් ෂෙක්ව් දරුණු ලෙස තුවාල ලබා ඇතැයි එරට රජය තහවුරුකර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ බෝනෝර් ප්‍රාන්තයට එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් එම සංවිධානයේ මුල්පෙල සාමාජිකයින් රැසක් ම මියගොස් ඇතැයි ද එරට රජය පවසයි.නයිජීරියාවේ උතුරු ප්‍රදේශය ඔවුන් යටතට ගැනීමට බෝකෝහරම් සංවිධානය 2009 සිට සාමාන්‍ය වැසියන් ඝාතනය කරමින් ගැටුම්වල නිරතව සිටියි. මෙම ත්‍රස්ත සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නැයි එරට ජනාධිපති හමුදාවට නියෝග කර ඇත.

412