චැඩ් රාජ්‍යයේ ඩංග්ලා නගරයේදී හමුදා සෙබලුන් 23ක් මරාදමා ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.
බෝකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් මෙම ඝාතන සිදුකර ඇතැයි සඳහන් වන අතර මෙය ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් රටේ සිදුකළ දැවැන්තම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නයිජීරියාවට ඊසානදිගින් ඉස්ලාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා බෝකෝහරාම් ත්‍රස්තවාදීහු දශකයක පමණ කාලයක සිට සටන් මෙහෙයවති.
ඔවුන් චැඩ්, කැමරූන් සහ නයිජර් රාජ්‍යයන්හි දේශ සීමා වල ආරක්ෂාව දුර්වල ප්‍රදේශ වලට විටින් විට මෙවැනි ප්‍රහාර එල්ල කරන බවද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණ - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd