නයිජීරියාවේ චිබොක්හිදී 2014 වර්ෂයේදි බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසැල් සිසුවියන්ගෙන් 21දෙනකු මුදාහැර ඇති බව නයිජීරියා රජය ප්‍රකාශ කරයි. ත්‍රස්ත කණ්ඩායම් හා රජය අතර ඇති වූ එකඟතාවයක් මත සිසුවියන් නිදහස් කිරීම සිදුවී ඇත.
බෝකෝහරාම් සටන්කාමීන් විසින් චිබොක් නගරයේ පාසලකින් සිසුවියන් 270ක් පැහැරගත් අතර ඒ සම්බන්ධව ලෝකය පුරා මානව හිමිකම් සංවිධාන විසින් විශාල විරෝධතාවක් දක්වන ලදි. මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ස්විට්සර්ලන්ත රජය මැදහත්කරුවන් ලෙස ක්‍රියා කළ බව නයිජීරියා ජනපති මුහම්මදු බුහාරි පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වේදනාකාරී හා වෙහෙසකර වූ මෙම පියවර අනෙක් සිසුවියන් නිදහස් කර ගැනීම සඳහාද උදව්වක් වනු ඇති බවයි.
නිදහස් කළ කණ්ඩායම අබූජා නුවරට පැමිණීමට නියමිත අතර මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ඔවුන් පරීක්ෂා කිරිමට සූදානම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
636
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2317
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොකෝහරාම් ත්‍රස්තයන් සිසුවියන් 21 නිදහස් කරයි