නයිජීරියාවේ චිබොක්හිදී 2014 වර්ෂයේදි බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසැල් සිසුවියන්ගෙන් 21දෙනකු මුදාහැර ඇති බව නයිජීරියා රජය ප්‍රකාශ කරයි. ත්‍රස්ත කණ්ඩායම් හා රජය අතර ඇති වූ එකඟතාවයක් මත සිසුවියන් නිදහස් කිරීම සිදුවී ඇත.
බෝකෝහරාම් සටන්කාමීන් විසින් චිබොක් නගරයේ පාසලකින් සිසුවියන් 270ක් පැහැරගත් අතර ඒ සම්බන්ධව ලෝකය පුරා මානව හිමිකම් සංවිධාන විසින් විශාල විරෝධතාවක් දක්වන ලදි. මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ස්විට්සර්ලන්ත රජය මැදහත්කරුවන් ලෙස ක්‍රියා කළ බව නයිජීරියා ජනපති මුහම්මදු බුහාරි පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වේදනාකාරී හා වෙහෙසකර වූ මෙම පියවර අනෙක් සිසුවියන් නිදහස් කර ගැනීම සඳහාද උදව්වක් වනු ඇති බවයි.
නිදහස් කළ කණ්ඩායම අබූජා නුවරට පැමිණීමට නියමිත අතර මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ඔවුන් පරීක්ෂා කිරිමට සූදානම් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd