බොකෝ හරාම් ත්‍රස්තයන් සිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ළමයින් යොදා ගැනීමේ ප්‍රවණතාවය වැඩිවී ඇතැයි යුනිසේෆ් සංවිධානයේ නවතම වාර්තා පවසයි.

යුනිසේෆ් සංවිධානය සිදුකළ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී ඇත.

2015 වසරේ සිට මෙතෙක් ඔවන් ළමයින් යොදාගෙන එල්ල කළ ප්‍රහාර ගණන 44ක් බව කියති.

මෙම ප්‍රහාර සඳහා ගැහැණු ළමයින්ට මත්පැන් ලබාදී ඔවුන් වැඩි වශයෙන් පොළඹවාගෙන ඇතැයි යුනිසෙෆ් වාර්තා කියයි.