තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය බැංකොක් නගරයේ සංවිධානය කැර තිබූ උද්ඝෝෂනයකට අද පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කෙළ්ය. පෙළපාලියෙන් ආ උද්ඝෝෂකයන් රාජ්‍ය ආරක්සක පාලක මධ්‍යස්ථානයට ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමග මේ  ප්‍රහරාරය එල්ල කරන ලදී.

අගමැතිනි යින්ලක් ශිවනත් සහ කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහකිරීමට අධිකරණය ගත් තීන්දුව හේතුවෙන් වැඩ බලන රජය ද ඉවත් කළ යුතුයැයි බලකරමින් විපක්ෂය මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.