තායිලන්ත‌යේ බැං‌කොක් නුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළු‌ දෙකක් හේතුවෙන් නගරයේ ආරක්ෂාව තරකර ඇතැයි වාර්තා‌ වේ.

ආරක්ෂක භටයින් 17000ක් පමණ ආරක්ෂාවට යොදවා ඇති බවත් පසුගිය අගෝස්තු මාසයේ කළාපීය රැස්වීමක් පැවති අවස්ථාවේ සිදුවූ පිපිරීම් ‌හේතුවෙන්‌ ඒම පියවර ගැනීමට සිදුවූ බවත් බලධාරීහු පවසති.

ආසියානු සංගමයේ රටවල් 10ක නායකයින්‌ ‌‌සහභාගී වන සමුළුව සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව ඇති අතර නැගෙනහිර ආසියා සම්මේලනය සඳුදා ආරම්භ වීමට නියමිතව ඇත.

රැස්වීම් පැවැත්වෙන  ස්ථාන අවට මාර්ග වසාදමා ඇති බවත් ප්‍රධාන ස්ථානයට පමණක් 5000ක පමණ භට පිරිසක් ‌ෙයාදවා ඇති බවත් සඳහන් ‌ෙවේ. 

තායි බලධාරීන් පවසන්නේ නැවත පිපිරීමක් සිදුවීමට කිසිසේත්ම ඉඩ‌ නොමැති බවයි.

(‌රොයිටර් පුවත් ඇසුරිණි - 085)