බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් යැයි වරදවා වටහාගෙන සාමාන්‍ය වැසියන් 14දෙනකු නයිජර් යුද හමුදාව විසින් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස මරාදමා ඇත්තේ නයිජර්හි ගිණිකොණදිග ප්‍රදේශයේ ඇබඩම් ගම්මානයේ නිරායුද ගොවියන් පිරිසකි. 

නයිජීරියානු දේශසීමාව ආසන්නයේ මේ ගම්මානය පිහිටා ඇති අතර මියගිය අයගෙන් දෙදෙනකු නයිජර් ජාතිකයන් බවද ඉතිරි සියල්ලන්ම නයිජීරියානුවන් බවද පැවසේ. 

කළාපයේ බලධාරීන් පවසා ඇත්තේ මෙම ගම්මානය දීර්ඝ කාලයක සිට තහනම් ප්‍රදේශයක් බවයි.

බොකෝ හරාම් ත්‍රස්තවාදීන් නයිජීරියාවේ ක්‍රියාත්මක වන නමුත් දේශසීමාවේ ඇතිවන ගැටුම් වලට බොහෝවිට සම්බන්ධ වන බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)