නැගෙනහිර නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි අල් ජසීරා පුවත් සේවය කියයි.

එකවර එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙක හේතුවෙන් තවත් පුද්ගලයින් 78 දෙනකු තුවාල ලබා ඇතැයිද කියති. බොකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රහාරයෙන් මිය ගිය වැඩි පිරිස කාන්තාවන් හා ළමයින් බව කියති.

අනාථ කඳවුරේ පිරිස් ආහාර ගැනීමට පෙළ ගැසී සිටි පෝලිමට පැමිණි බෝම්බකාරියන් බෝම්බ පුපුරුවාගෙන ඇත.