වියට්නාමයේ ෆොන්ග් නා කේ බැන්ග් ජාතික වනෝද්‍යානයේ පිහිටි හැන්ග් තියන්ෂාන් ගුහාවට ගිය ඡායාරූප ශිල්පී රයන් ඩෙබූඩ් ගේ ඡායාරූප නොදුටු ලෝකයකට මිනිසුන් කැදවීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තිස් දෙහැවිරිදි වියේ පසුවන රයන් වීර චාරිකාවල යෙදෙමින් සිත්ගන්නා සුළු ඡායාරූප ගැනීමට සමත්කම් දක්වන්නෙකි. අහිමිවූ ලෝකයක් ගැන සොයමින් වෙහෙසෙන මිනිසුන්ට ඒ අපූර්ව ලෝකය ඇස් පනාපිට දිගහැරීමට මේ ඡායාරූප ශිල්පියා සමත්ව සිටියි. රයන් පවසන්නේ මේ ලෙන්වල ඡායාරූප ගැනිම පුදුමාකාර හැගීම් දනවන්නක් වූ බවයි.
එය අන්ධකාරයේ ගත් ඡායාරූප බවත්. ගුහාව අදුරට අති සංවේදී වූ කැමරා භාවිතා කරමින් ඡායාරූප ගත් පසු එහි චමත්කාරයෙන් තමන් පවා පුදුමයට පත්වූ බවත් ඔහු කියයි.
‘‘ මම මේ ඡායාරූප ගත්තේ මා ඉදිරියේ ඇත්තේ කුමන ආකාරයේ කුමන වර්ණයක දෙයක් දැයි නොදැන. මා වටා ඇති ඉඩකඩෙහි කෑලි කැපිය හැකි අන්ධකාරයේදී මට හැගී ගියේ මා ඉන්නේ නොදන්නා අන්ධකාර ග්‍රයකු මත බවයි. මෙයින් මට හැකිවුණා. මෙතෙක් නොදුටු ලෝකයක් අපේ මිනිසුන් ඉදිරියේ දිග හැරීමට“ රයන් එසේ පැවසිය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගනා වැඩක්. ලංකාදීපයටත් රයන් මහතාටත් ස්තුතියි (නි)
ඉතාමත් චමත් කාර ජනකයි. රයන් මහතාට මුළු ලොවම ස්තුති වන්ත වියයුතුයි මෙවැනි අගනා,දුර්ලබ ලෙන් චායාරුපයන් ලොවට හදුන්වා දුන්නාට.ඇත්තෙන්ම මෙම පින්තුර බලද්දී මට නම් හැඟුනේ වෙනත් ග්‍රහ ලෝකයක පින්තුර වාගෙයි. (අ)
සහතිකෙන්ම මෙය නොදුටු ලෝකයක් (නදී)
මේ වගේ කීපයක්ම ඉතාලියේත් තිබෙනවා. grotte prasassi හා grotte චාස්ටේල්ලන මේ නම් google එකේ ලියල බලන්න හරිම ලස්සනයි. (නදී)
හරිම ලස්සන ඡායාරූප ටිකක්. තවත් මේ ලෝකේ අපි නොදැක්ක දේවල් කොතරම් ඇද්ද? ඡායාරූප ශිල්පියාට සුභ පැතුම්. (නි)
කෑලි කපන්නේ කොහෙද ඔය හොඳට ලයිට් එළියක් අරන් ගිහින් තියෙන්නේ. අපේ ගෙදර මගේ කාමරේ ලයිට් නිමපුවම ඔයිට වඩා දහස් ගුණයක් අන්දකාරයි (නදී)