IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පළමු වරට ඉරාන ජනාධිපති හමුවෙයි

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මස්මූඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෝදි සහ ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

හමුව පැවැත්වූයේ රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය. ඉරානය ද ‘බ්‍රික්ස්’ සමුළුවේ සාමාජික රටකි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූයේ මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙනි.

ඊශ්‍රායල හමාස් ගැටුමේ තවත් දිගුවක් ලෙස, ඊශ්‍රායලය මේ වනවිට ලිබියාවේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. ඊට අමතරව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනී ප්‍රමුඛ ඉරාන ඉස්ලාමීය නායකයන් ඝාතනය කරන බවට ඊශ්‍රායලය දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර ඇත.

ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ යුද්ධයක් හටගත්තොත්, එය මැදපෙරදිග කලාපයට පමණක් නොව, මුළු ලෝකයටම බලපෑමක් එල්ල කරනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඉරාන ජනාධිපති සමඟ පැවැසුවේය. ඉරානය සැමවිටම සාමය අපේක්ෂා කරන නමුත්, යුද්ධයක් සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ද ඉරාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවැසූ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පළමු වරට ඉරාන ජනාධිපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site