
නවසීලන්තයෙන් පළමු 'කොවිඩ් 19 ඩෙල්ටා' මරණය වාර්තා විය. 'කොවිඩ් 19' වයිරසය එරට ව්‍යාප්තවීමෙන් පසු සිදුවුණු 27 වැනි මරණය මෙයයි. නවසීලන්තයෙන් මෙසේ කොරෝනා මරණයක් වාර්තා වූයේ මාස 6 කින් බව ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
අවසන් වරට නවසිලන්තයෙන් 'කොවිඩ් 19' මරණයක් වාර්තා වූයේ මීට මාස 6 කට පෙර පසුගිය පෙබරවාරි 16 වැනිදාය. 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් ඉතා සාර්ථකව වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවුණු රටක් ලෙස නවසීලන්තය සැලකෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් සහ සෞඛ්‍ය අංශවලට පැසැසුම් ලැබී තිබේ.
කෙසේ නමුත් මේ වනවිට යළිත් වරක් නවසීලන්තයේ 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තාවීමට පටන්ගෙන තිබේ. අලුතින් ආසාදිතයන් වාර්තා වන්නේ 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි.
ඊයේ (4) සිදුවුණු පළමු 'ඩෙල්ටා' මරණය 90හැවිරිදි වැඩිහිටි කාන්තාවක බවත් ඇය නිධන්ගත රෝග රැසකින් දීර්ග කාලයක් තිස්සේ පීඩා විදි තැනැත්තියක බවත් ඕක්ලන්ඩ් පදිංචිකාරියක බවත් සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
නිවසින් එළියට නොයන මෙම කාන්තාව ආසාදිතයකු වී ඇත්තේ 'කොවිඩ් 19' ආසාදිතයකු නිවසට පැමිණි නිසා බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
මේ වනවිට 'ඩෙල්ටා' ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන්නේ ඕක්ලන්ඩ් නුවරිනි. වයිරස ව්‍යාප්තිය පාලනයට සංචරණ සීමා පනවා ඇති අතර, මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අතරතුරේ නවසීලන්ත වැසියන්ට එන්නත් ලබා දීම ද කඩිනමින් සිදුවෙයි. නවසීලන්ත වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය.
'ඩෙල්ටා' ආසාදිතව මරණයට පත් වුණු වැඩිහිටි කාන්තාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් සොව පළ කිරීමට අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් කටයුතු කළාය.
'කොවිඩ් 19 බිලි ගන්නා හැම ජීවිතයක්ම වටිනවා. සෞඛ්‍ය අංශ පුළුවන් උපරිමයෙන් කළා. ඒත් ඔවුන්ට ඇය බේරා ගැනීමට හැකිවුණේ නැහැ. ඒක කනගාටුවට කරුණක්' යැයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ඉතා හැඟීම්බරවය. කෙතරම් අපහසුතාවට පත්වුවත්, 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය මර්දනය කර ගැනීමට පනවා ඇති සෞඛ්‍ය නීති පිළිපදින්නැයි ද අග්‍රාමාත්‍යවරිය නවසීලන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් ද කළාය.
(ඒ.එෆ්.පී)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළමු ’ඩෙල්ටා’ මරණය වාර්තා වෙයි
jagath Sunday, 05 September 2021 07:41 PM
මම ජීවත් වෙන්න ආසම රටක්... මේ වගේ නායකයෙක් අපටත් හිටියා නම්...