ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර සර්න් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් පිළිකා සෛල විනාශ කිරීමේ අලූත්ම ක්‍රමයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ධන ආරෝපිත අංශු අඩංගු විශේෂ කිරණ කදම්බයකට රෝගියා නිරාවරණය කිරීමෙන් සිරුරේ වන පිළිකා සෛල විනාශ කළ හැකි බව ඔවුහු කියති.මේ ක්‍රමය දැනට භාවිතා වන කිරණ ප්‍රතිකාර ක්‍රමයට වඩා හොද ප්‍රතිඵල ලබා දෙන බවද තහවුරු වී තිබේ.එමෙන්ම සිරුරේ නිරෝගී සෛල හා පටක වලට කිසිදු හානියක් සිදුනොවන බවද සදහන්ය.
මේ සොයාගැනීමට මුල්ව ඇත්තේ පසුගිය වසරේ විශ්වයේ සියලූ වස්තු වල ප්‍රාථමික තැනුම් ඒකකය වන හිග්ස් බොසෝනය සොයා ගත් විද්‍යාඥ පිරිසම වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕක කලින් සොයාගත්තා නම් මිට වසර 13කට ප්‍රථම අද වැනි දිනක මට මගේ පියාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දකින්න නොලැබෙනු ඇති. (නි)
හොද සොයාගැනිමක්. හැමෝටම වටිනා දෙයක්. පරිසර හානියක් නැත්නම් ගොඩක් හොදයි. (නි)
මේ පණීවිඩය ලොවටම හොද පණිවිඩයක්. මෙම වෛද්‍ය කණ්ඩායම දේවත්වයේ ලා සැළකිය යුතුයි. (නි)
ඉතාමත් වටිනා සොයාගැනීමක්. ඔබලාට ජය...!!! (නි)
කිරණ අල්ලලා කොහොමද පිළිකා හොඳ වෙන්නේ. (නි)
සෙනරත් ඉන්නෙ ගල් යුගයෙද? (නි)