පිළිකාවක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් මුලූ සිරුරම ආක්‍රමණය කරන්නේ කෙසේදැයි සොයාගැනීමට හැකිවූ බව බ්‍රිතාන්‍යය හා ජපාන විද්‍යාඥයෝ පිරිසක් කියති.
පිළිකා තත්ත්ව ඇති පුද්ගලයෝ බොහෝ විට මරණයට පත්වනුයේ එම පිළිකා සෛලයන් වර්ධනය වී මොළය හා පෙනහලූ වැනි සිරුරේ ඉතා වැදගත් අවයවයන් ආක්‍රමණය කිරීම නිසාය.මෙසේ පිළිකා සෛලයන්ට සිරුර පුරා වර්ධනය වීමට ඉඩ නොදී ආරම්භක අවස්ථාවේදීම විනාශ කර දැමිය හැකි නම් පිළිකා තත්ත්වයන් ඇතිවීම මැඩ පවත්වාගත හැකිය.
විද්‍යාඥයින් මෙසේ පිළිකා වර්ධනය වන බව දැන සිටියත් මේ දක්වා ඔවුහු පිළිකා සෛල සිරුර පුරා වර්ධනය වන්නේ කෙසේදැයි නොදැන සිටියෝය.කෙසේ නමුත් බ්‍රිතාන්‍යය හා ජපාන ජාතික විද්‍යාඥ පිරිස සිදුකර ඇති නව පරීක්ෂණයට අනුව එසේ සිරුර පුරා පිළිකා සෛලයන් ගමන් කරන්නෙ කෙසේදැයි යන්නද එම ගමන් කිරීම නැවැත්විය හැක්කේ කෙසේ දැයි යන්නද සොයාගැනීමට හැකිව ඇත.
තම පරීක්ෂණයට අනුව පිළිකා සෛල සිරුර පුරා ගමන් කිරීමට ප්‍රථමයෙන් කිසියම් ද්‍රවිකෘත තත්ත්වයකට පත්වන්නේයැයි අනාවරණය කර ගැනීමට හැකිවූ බව විද්‍යාඥ පිරිස පවසති. ද්‍රව තත්ත්වයට පත්වූ පසු සිරුර පුරා සංසර්ණය වන පිළිකා සෛලයන් එක් එක් ස්ථානයන් ආසාදනය කරමින් යන බව ඔවුහු කියති.
මෙසේ සෛලයන් ද්‍රව තත්ත්වයට පත්කිරීමට හේතුවන සංයෝගයද සොයාගැනීමට ඔවුහු සමත්ව සිටිති.අයිසොප්හැටිඩික් නම් වන එය අම්ලයකි.
අම්ලයේ කි්‍රයාකාරීත්වය නැවැත්වීමට ලබාදෙන සරල එන්නතක් මගින් සෛල ද්‍රව තත්ත්වයට පත්වීම වැළැක්වීමට හැකියැයි තම පර්යේෂණයෙන් සොයැගැනීමට හැකිවූවේයැයිද ඔවුහු පවසති.
දැන් පිළිකා සෛල සිරුර පුරා වර්ධනය වන්නේ කෙසේදැයි අනාවරණයව ඇති හෙයින් වර්තමානයේ සිදුකෙරෙන්නාක් මෙන් පිළිකා සෛල වර්ධනය වූවාට පසු ප්‍රතිකාර ලබා දෙනවා මෙන් නොව ඒවා වර්ධනය වීමට පෙර සිටම ප්‍රතිකාර ලබා දිය හැකි ආකාර සොයාගැනීම පහසු වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd