
යුක්රේනයේ රෝහල්වල ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය දුම්රිය සේවයක් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය දරුවන් 60 දෙනකු යුක්රේන දේශසීමාවේ සිට පෝලන්තයට මෙම දුම්රියෙන් ගමන් කර ඇතැයි පැවැසෙයි.
මෙම දරුවන් වෝෂෝ නගරයේත් සෙසු නගරවලත් රෝහල්වලට යොමු කිරීමට පෝලන්ත රජය කටයුතු කර තිබේ. යුක්රේන වෛද්‍ය ආධාරකරුවන් මෙම දරුවන් යුක්රේන දේශසීමාවේ මෙඩ්යාකා දුම්රිය ස්ථානයට ගෙනැවිත් විශේෂ දුම්රියට ගොඩ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රුසියන් යුක්රේන යුද ගැටුම් ආරම්භ වී සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර, ගැටුම් හේතුවෙන් මේ වනවිට යුක්රේනයෙන් පලා ගිය සිවිල් වැසියන් ගණන මිලියන 2.5 කි. ගැටුම් හේතුවෙන් මියගොස් ඇති කුඩා දරුවන් ගණන 40 කට ආසන්න යැයි යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd