IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිළිකා නැසුමට දේහ සෛල එයි

මොළයේ පිළිකා සෛල සමග සටන් කළ හැකි යාන්ත්‍රණයක් ලෙස දේහ සෛල යොදාගැනීමට හැකි ක්‍රමයක් සොයාගත් බව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයෝ කියති.

මීයන් යොදා කළ පරීක්ෂණයක දී දේහ සෛලවල ජාන වෙනස්වීමක් සිදුකර සාදා ගත් විෂ ද්‍රව්‍යයක් මොළයේ හටගෙන ඇති පිළිකා සෛල විනාශ කිරීමට හැකියාව ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

පර්යේෂකයන් පවසන්නේ මේ ක්‍රියාපිළිවෙත මිනිසුන් යොදා පරීක්ෂණ කිරීම දෙවැනි පියවර බවයි. විශේෂඥයන්ගේ අදහස මෙය අනාගතයේ පිළිකා නැසීමට ඉතා සුදුසු ක්‍රමයක් වන බවයි.

පර්යේෂකයන් පවසන්නේ ලේ පිළිකා නැසීමට යොදාගන්නා විෂ ද්‍රව්‍ය මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. මේ විෂ ද්‍රව්‍යයන්ගේ ආයු කාලය ඉතා කෙටි වීම ගැටළුවක් බව ද පර්යේෂකයෝ කියති. පිළිකා සෛල වෙත ළඟාවීමට මේ විෂ ද්‍රව්‍යයට හැකියාවක් තිබූ බව දැන නොසිටීම හේතුවෙන් මෙවැනි ක්‍රමයක් යොදා ගැනීමට නොහැකි වූ බව ද වෛද්‍යවරු කියති.

ජාන ඉංජිනේරු තාක්ෂණය යොදා ගනිමින් දේහ සෛල වෙනස්කිරීම සිදුවේ. එමගින් පිළිකා නසන ඖෂධ නිපදවීමේ හැකියාව ඇත.

බ්‍රිතාන්‍ය යේ කැන්සර් රිසර්ච් හි ජ්‍යෙෂ්ඨ තොරතුරු කළමනාකරුවන නෙල් බැරි පවසන්නේ විශිෂ්ඨ ප්‍රවේශයක් බවයි. ඔහුගේ අදහස වී ඇත්තේ මොළයේ පිළිකා සඳහා ඉතා ඉක්මණින් ප්‍රතිකාර අවශ්‍ය බවයි. එසේ වුව ද මෙතෙක් මේ පරීක්ෂණය සිදුකර ඇත්තේ මීයන්ට සහ රසායනාගාරයන්හි පිළිකා සෛල මත පමණක් වීම හේතුවෙන් තවදුරටත් මොළයේ පිළිකා හටගනෙ ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදිම සඳහා තවත් වැඩ කටයුතු බොහොමයක් සම්පූර්ණ කරගත යුතුයැයි ද පැර්යේෂකයෝ පෙන්වාදෙති.

ඉදිරි අවුරුදු පහේ දී මේ නව ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලීමට කටයුතු යොදා ඇත.

 



අදහස් (0)

පිළිකා නැසුමට දේහ සෛල එයි

ගයාන් Wednesday, 05 November 2014 03:45 PM

ඉක්මනටම ඕක ලංකාවටත් අවොත් හොදයි නේ.(හේ)

:       0       0

ජයත් Wednesday, 05 November 2014 03:55 PM

ගයාන් මේක ලංකාවට එන්න තාම හිතලවත් නැහැ මේ "ස්ටෙම් සෛල "තාක්ෂනය අපේ වගේ රටක ජීවිතේට කරන්න බැහැ .මොකද අපි හරි දුප්පත් රටක් නිසා (සමහරු කෑ ගහනවා අපි අර ආස්චර්යට යනවා කියල )නමුත් ඇත්ත එ්කයි .කරන්න තියන එකම දෙය අනිත් තාක්ෂණ වගේම මේක දියුණු වුණාම බටහිරින් ගන්න එකයි (අ)

:       0       0

ගයාන් Wednesday, 05 November 2014 04:49 PM

මොනවා හොයාගත්තත් කාටවත් මිනිස්සු හැමදාම ජීවත්කරවන බෙහෙතක් හොයාගන්න බැරිවුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site