
ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ පාකිස්තාන ප්‍රාන්ත අමාත්‍යවරයාට නිදහස හිමිවිය. අබ්දුල් උල්ලා බයිග් නමැති එම අමාත්‍යවරයා පැහැර ගැනීම සිදුවූයේ පසුගිය සිකුරාදා (7) ය. අමාත්‍යවරයා නිදහස් කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කළේ ඊයේ (8) යැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
පැහැර ගැනීමට ලක්වූයේ පාකිස්තානයේ ගිල්ගිත් බල්ටිස්ටාන් ප්‍රාන්තයේ බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාය. පැහැර ගැනීමට ලක් වෙද්දී අමාත්‍යවරයා ඉස්ලාමාබාද් අගනුවර සිට බාබුසාර් නගරය බලා ගමන් කරමින් සිටි බව පැවැසෙයි.
අමාත්‍යවරයා පැහැර ගත් ත්‍රස්ත කල්ලියේ නායක අබ්දුල් හමීඩ් ගිල්ගිත් බල්ටිස්ටාන් ප්‍රාන්ත රජයට බල කරමින් කියා සිටියේ, අබ්දුල් උල්ලා බයිග් නිදහස් කිරීමට නම්, අත්අඩංගුවේ පසුවන ත්‍රස්ත සාමාජිකයන් කීප දෙනෙකු නිදහස් කළ යුතු බවය.
අමාත්‍යවරයා නිදහස් කර ගැනීම සිදුවූයේ ත්‍රස්ත සාමාජිකයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් ද පසුව ඇතිකරගත් එකඟතාවකට අනුවය. සාකච්ඡා සඳහා ගිල්ගිත් බල්ටිස්ටාන් ප්‍රාන්ත රජයට පමණක් නොව, පාකිස්තාන මධ්‍යම රජය ද සම්බන්ධ විය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැහැරගත් පාකිස්තාන ඇමැති නිදහස්