පුද්ගලයෙකු එල්ල කළ පිහි පහරකින් ප්‍රංශයේ පැරිස් නුවර මධ්‍යම පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතරදෙනකු මියගොස් ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. ඝාතකයා කවරෙක්දැයි නම් කර නොමැති නමුත් ඔහු එම කාර්යාලයේම සේවය කරන අයෙකු බව පොලිසිය සඳහන් කර ඇත.
අවුරුදු 45 ක් වයසැති මෙම පුද්ගලයා වසර 20 ක පමණ කාලයක් ප්‍රංශ පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇතැයි පැවසේ.
පොලිසිය පසුව ඝාතකයා මරා දමා ඇතැයි ද සඳහන් වේ. ගොඩනැගිල්ලේ අංගනයේදී මෙම පිහි ඇනුම සිදුවී ඇත.
ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්, අගමැති එඩුවාඩ් ෆිලිපේ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අපරාධය සිදුවූ ස්ථානයට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිහි ඇනුමකින් ප්‍රංශයේ පොලිසියේ නිලධාරීන් 4 ක් මරුට