පුද්ගලයෙකු එල්ල කළ පිහි පහරකින් ප්‍රංශයේ පැරිස් නුවර මධ්‍යම පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් හතරදෙනකු මියගොස් ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. ඝාතකයා කවරෙක්දැයි නම් කර නොමැති නමුත් ඔහු එම කාර්යාලයේම සේවය කරන අයෙකු බව පොලිසිය සඳහන් කර ඇත.
අවුරුදු 45 ක් වයසැති මෙම පුද්ගලයා වසර 20 ක පමණ කාලයක් ප්‍රංශ පොලිසියේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇතැයි පැවසේ.
පොලිසිය පසුව ඝාතකයා මරා දමා ඇතැයි ද සඳහන් වේ. ගොඩනැගිල්ලේ අංගනයේදී මෙම පිහි ඇනුම සිදුවී ඇත.
ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්, අගමැති එඩුවාඩ් ෆිලිපේ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අපරාධය සිදුවූ ස්ථානයට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd