ඉතාලියේ වෙරෝනා නුවර ආසන්නයේ සිදුවූ පාසල් බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 39 දෙනෙකු තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නිවාඩුවක් ගතකිරීමට ප‍්‍රංශයට පැමිණ සිටි හංගේරියා ජාතික පාසල් දරුවන් පිරිසක් රැුගෙන නැවත හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

බසය අධිවේගී මාර්ගයකින් පිටතට පිවිසීමත් සමග අසළ තිබූ කණුවක ගැටීම නිසා මෙම අනතුර සිදුව තිබෙන අතර ගැටුමත් සමග එය ගිණි ගැනීමටද පටන්ගෙන ඇත.

සහන සේවකයෝ මැදිහත්ව ගින්න නිවා දමා අනතුරට පත්වූවන් වහ වහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.