පකිස්ථානයේ පෙෂර්වර් හි යුද හමුදා පාසලක සිසුන් ඇතුළු 150ට වැඩි පිරිසක් ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හතර දෙනකුට එල්ලා මැරීමට එරට අධිකරණය අද නියෝග කළේය.

මෙම සිව් දෙනා තලෙයිබාන් කැරළි කරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2014 දෙසැම්බර් මස 16 දින සිදුවූ ඝාතනයේ වරදකරුවන්ට දඩුවම් කිරීම ඝාතනයට වසරක් ගතවීමට පෙර සිදුවීම විශේෂත්වයකි.