ප‍්‍රදේශයේ ඇති ජලය ආසනික් මිශ‍්‍රවී දූෂිත වුවද කිසිදු ආපදාවකින් තොරව එම ජලය භාවිතා කරනා මිනිසුන් කොට්ඨාශයක් ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ.
වයඹ දිග ආර්ජන්ටිනාවේ අන්දීස් කදු පන්තිය ආසන්නයේ සැන් ඇන්ටෝනියෝ දෙ ලොස් කොබ්රෙස් නම් ගම්මානයේ ජීවත් වන මෙම පුද්ගලයෝ ආසනික් මිශ‍්‍ර ජලය භාවිතා කරන්නේ කිසිදු ගණනක් නැතිවය.එම ජලයේ ආසනික් අන්තර්ගතද යන්න පවා ඔවුන් නොදනී.
ආසනික් ස්වල්ප ප‍්‍රමාණයක් හෝ ශරීරගතවීම යනු පෙනහලූ,හෘදය,වකුගඩු හා අක්මාව වැනි අවයවයන්ට ඉතා හානිකර වන්නක් වන අතර ඉහළ ආසනික් සාන්ද්‍රණයක් අභ්‍යන්තර රුධිර වහනය වීම්, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට විනාශ වීම,මොළය අර්ධ වශයෙන් කි‍්‍රයාකාරීව පවතින කෝමා තත්ත්වයකට අදාළ පුද්ගලයාව පත්කිරීම ආදී තත්ත්වයන් ඇතිකිරීමට හේතුවේ.
ආසන්න වශයෙන් එක් වසරකදී පුද්ගලයින් ලක්ෂ 1370 ක් පමණ ආසනික් ශරීරගතවීම නිසා විවිධ රෝගාබාධ වලට ලක්වන්නෝය.
නමුත් සැන් ඇන්ටෝනියෝ ගම්මානයේ ජීවත් වන වැසියන්ට ආසනික් මිශ‍්‍ර ජලය භාවිතා කළා යැයි ඉහෙන් බහින රෝගයක් නැත.
ගම්වැසියන් සතු මේ අපූරු හැකියාව පිළිඹද පර්යේෂණ කර තිබෙන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන්ගේ ජාන සැකැස්මේ තිබෙන එක් සුවිශේෂී ජානයක් මෙම හැකියාව ඔවුනට ලබාදී ඇති බවය.
මීට වසර 10000 කට පමණ ඉහතදී පවා මෙම ප‍්‍රදේශයේ ජලයේ ආසනික් සාන්ද්‍රණය ඉහළ මට්ටමක තිබී ඇති බවට සාක්ෂි ලැබී තිබෙන බවත් එවන් පරිසරයක ජීවත් වීමට මිනිස් සිරුර අනුවර්තනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අද දිනයේ මෙම ජානය ඔවුන්ගේ ජාන සැකැස්මට ඇතුළත්ව තිබෙන බවත් ඔවුන් කියයි.
ඇතැම් කෘමි සතුන් ඔවුන්ව විනාශ කිරීම සදහා යොදාගන්නා පළිබෝධ නාශක වලට කාලයක් ගතවීමේදී ස්වභාවිකවම ප‍්‍රතිරෝධයක් දක්වන්නා සේම මෙහිදී සැන් ඇන්ටෝනියෝහි වැසියෝ ආසනික් වලට ප‍්‍රතිරෝධයක් දක්වන තත්ත්වයට පත්ව ඇතැයි විද්‍යාඥයින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද අපේ ජාන වසර 67ක්ම ඕන දේශපාලන දහ-ජරාවක්ම දිරවා ගන්නේ (නදී)
අපේ ලංකාවෙත් දංකොටුව සඳ ලංකාව පැත්තේ මිනිසුන් වස බොන්නේ , කසිප්පු කියා ඔවුනුත් බොන්නේ මාරාන්තික වස , එහෙත් ජිවත් වනවා (බ)
අර රජරට වකුගඩු ප්‍රශ්නයට උත්තරයක්. ඔන්න ඔය කට්ටිය ටික දෙනෙකුට පුරවැසිබව දීලා රජරට පැත්තේ පදිංචි කරන්න.ටික කලක් යද්දී ඔය ජාන මෙහෙටත් ගන්න පුළුවන්. (නි)