
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පොත යළි ලැබී ඇත්තේ තැපෑලෙනි. එය කවුරුන් විසින් එවනු ලැබූවක්දැයි සඳහන් වී නැත. පුස්තකාල බලධාරීන් පොත පරීක්ෂා කරද්දී එය වසර 31 කට පෙර, ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය එකක් බව තහවුරු විය.
පොත සම්බන්ධයෙන් පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් පළ කර ඇත. ඒ පොතේ ඡායාරූපයක් මෙන්ම පුස්තකාලයේ රම පොතට අදාල කාඩ්පත ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
'අපේ පුස්තකාලයෙන් රැගෙන ගිය පොතක් ආපසු ලැබුණා. පොත රැගෙන ගියේ කවුරුන්දැයි හෝ එය අපට ආපසු ලැබෙන්න සැලැස්සුවේ කවුරුන්දැයි දන්නේ නැහැ. කියන්න කැමතියි නියමිත දිනයට වඩා වසර 31 කට පසුවයි පොත ආපසු ලැබුණේ.' යැයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙයි.
පුස්තකාලයේ කාඩ්පතට අනුව, 'තෝමස් ඒබීසී' නමැති මෙම ළමා කතා පොත රැගෙන ගොස් ඇති බවට සටහන් වන්නේ, 1993 මාර්තු 25 වැනිදාය. නත්තල් දා පොත ලැබුණු බැවින්, එය නත්තලේ සිදුවුණු 'ප්‍රාතිහාර්යයක්' ලෙස තමන් සලකන බව පුස්තකාල බලධාරීහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
(යූ.පී.අයි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතක් සාමාන්‍යෙයන් බේරෙට ගෙනියනකොට පොතක නම, ගම සහ ලිපිනය සඳහන් කරගන්නවා නේද? එහෙම එකක් වෙලා නැතිවා වත්ද?