මෝල්ටා ගුවන්තොටුපලේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ඇතුළු ප්‍රංශ ජාතිකයින් පස් දෙනෙකු මිය ගිය බව වාර්තා වෙයි.’මෙට්‍රෝ ලයිනර් මාර්ක් 3’යානය ගුවන්ගත වී සුළු කාලයක් ඇතුළත කඩාවැටීමෙන් පසුව යානය ගිනි ගත් බව වීදෙස් මාධ්‍ය කියයි. අනතුරෙන් පැය කිහිපයකට පසුව ගුවන්තොටුපල ගුවන් ගමන් සඳහා විවෘත විය.එම ගුවන්තොටුපල වසා තැබුණු පැය හතර තුළ සියලු ගුවන් ගමන් සිසිලි දුපතේ ගුවන්තොටුපල වෙත මාරු කැරිණි.
ගුවන් යානය ලිබියාව බලා පිටත්ව යාමට නියමිතව තිබු බව වාර්තා වෙයි.ගුවනේදී යානයේ ගින්නක් පෙනෙන්නට නොතිබූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු එරට මාධ්‍යයට පැවසිය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. පුද්ගල ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට මෙම යානය භාවිතා කළ බව බලධාරීහු කියති.
(ඡායාරූප:ටයිම්ස් ඔෆ් මෝල්ටා )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd