පසුගියදා පකිස්තානයේ පෙෂාවර් ප‍්‍රදේශයේ පාසලකට එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය සැළසුම් කළ මහමොළකරු පැය ගණනාවක් තිස්සේ සිදුවූ වෙඩි හුවමාරුවක් අවසානයේ මරුදුටු බව පකිස්තාන ආරක්ෂක අංශ කියයි.
සදාම් ජාන් ලෙස හඳුන්වාදී තිබෙන මේ පුද්ගලයා තලේබාන් සංවිධානයේ ඉහළ පෙලේ නායකයෙකු බව සදහන්ය.පකිස්තාන ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු වලට අනුව ප‍්‍රහාරය එල්ල වේලාව,එය එල්ල විය යුතු ආකාරය ආදී සියලූදේ සැළසුම් කර ඇත්තේ ඔහුය.
වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේ ඔහු හා සිටි තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තුවාළ ලබා සිටි ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇත.
පෙෂාවර් ප‍්‍රහාරයන් පාසැල් ළමුන් 132 නෙකු ඇතුලූ 150 කට ආසන්න සංඛ්‍යාවක් මියගියේය.එය පකිස්තාන ඉතිහාසයේ දරුණුතම ත‍්‍රස්ත ප‍්‍රහාරය ලෙස සැළකෙන්නකි.
ප‍්‍රහාරයෙන් පසු ත‍්‍රස්තයින් සම්බන්ධ නීති රීති තවත් දැඩි කිරීමට රජය කටයුතු කළේය.එහි ප‍්‍රතිඵලයක් ලෙස මරණ දඩුවම නැවත වරක් බලාත්මක කෙරුණු අතර සිරගත කර සිටි ත‍්‍රස්ත නායකයෝ බොහෝ දෙනෙක් එල්ලා මරා දමනු ලැබූහ.
දැන් ත‍්‍රස්තයින් එයට පළිය ගන්නා බව සපථ කර තිබේ.ප‍්‍රහාරයක් එල්වේදෝයි පකිස්තාන ආරක්ෂක අංශ සිටින්නේ දැඩි අවධානයෙනි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙෂාවෝර් ත්‍රස්ත නායකයාත් මරා දමයි
කසුන් ධර්මවංශ Monday, 29 December 2014 03:34 PM
හරියට හරි කුමාරි .... පොතේ කියල තියෙන විදියටම වැඩ කරලා තියෙනවා ......(නදී)
කීර්ති Tuesday, 30 December 2014 06:33 AM
මේවා කවදා ඉවර වෙයිද? (දී)
කුමාරී Sunday, 28 December 2014 09:11 AM
හරියටම ඉස්ලාම් දහමට අනුව ජීවත් වූ ඉස්ලාම් සටන්කාමියෙකුගේ අවසානය. (දිල්)
ෂේන් Sunday, 28 December 2014 11:26 AM
කුමාරි, ආගම්වලට අපහාස නොකර හිටියොත් හොඳයි නේද? (නි)
උස්මාන් Sunday, 28 December 2014 06:15 PM
අප මරා දැමුවද අප නැඟූ හඩ සදා නොමියෙනු ඇත (නි)
නිමල් ලල්ත් Monday, 29 December 2014 03:14 AM
ජාතිය,ජන්මය ආගම කුමක් වුවද ත්‍රස්ත වැඩිය අනිවාර්යයෙන්ම මර දැමිය යුතුයි. (අ)
කුමාරි Monday, 29 December 2014 04:15 AM
අනේ මන්ද.. කවුරු මොන ආගමක් ඇදැහුවත් අනෙකාට පාඩුවක් වෙනවද? මේ මිනිස් ඝාතන වලට දෙවියනුත් කෝප වෙනවා ඇති (දිල්)