
තිස් තුන් හැවිරිදි කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වීමත් සමඟ ලන්ඩන් නුවර විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.
චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරියා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමත් සමඟ මෙම විරෝධතා ආරම්භ වූ අතර විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ද ගැටුම් ඇති විය.
ෙසාරා එවරාඩ් නමැති 33 හැවිරිදි කාන්තාවක මෙලෙස ඝාතනයට ලක්ව ඇත. ඇය මාර්තු මස 3 වැනිදා පස්වරුවේ නිවසට ඇවිද යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක්වී ඇත. මේ තත්ත්වය හේතුවෙන් කාන්තාවන්ට රාත්‍රියේ තනියෙන් ඇවිද යෑම සම්බන්ධයෙන් තිබෙන අනතුර හා අවදානම්ල පොලිසියේ අසමත් බව මෙන්ම සමාජ ගැටලු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මානව හිමිකම්..? සුදු වෑන් එකකින් ආපු පොලිස් කාරයෙක්ද කියලා හොයන්න ඕනේ.