ඇමෙරිකාවේ බේකර්ස්ෆීල්ඩ් පොලිස් නිලධාරියෙක් 73 හැවිරිදි රෝගී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සතුව ගිනි අවියක් ඇති බව මධ්‍යම රාත්‍රී 12.30ට පමණ ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීයකු ඔහුට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

නමුත් පරීක්ෂණ වලදී ෆ්‍රැන්සිස්කෝ සර්නා සතුව ගිනි අවියක් නොතිබු බව හෙළී වී ඇත.

ඔහුට ගිනි අවියක් තිබී නැතැයි ඔහුගේ පවුලේ අය කියති.

“තාත්තාට ‘ඩිමෙන්ශියා ‘ නම් රෝගී තත්ත්වය තිබුණා.තාත්තා රෑට ඇවිදිනවා.මීට පෙරත් පොලිසිය අපේ ගෙදරට දෙවතාවක් පැමිණියා“යැයි ඔහුගේ පුතා පැවසීය.

Untitled-1

(මියගිය ෆ්‍රැන්සිස්කෝ සර්නා - ඡායාරූපය ‘සර්නා‘ පවුලේ ඡායාරූපයකි )