මිනිසා විසින් භාවිතයට ගෙන ඉවත දමන පොලිතීන් බෑග් හා ප්ලාස්ටික් උපකරණ දේශගුණික සාධක වෙනස්වීමටත් වඩා පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇතැයි කැලිෆෝනියාවේ සමුද්‍ර පර්යේෂණ ආයතනය පවසයි.
එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ මිනිසා විසින් භාවිතයට ගෙන ඉවත දමන පොලිතීන් බෑග් සහ ප්ලාස්ටික් භාජන සාගර ජීවීන්ට මහත් තර්ජනයක් වී ඇති බවයි. ක්‍රමයෙන් සාගර ජීවීන් මිය යාමටත් දුර්ලභ ජීවී විශේෂ වඳවී යාමටත් එය හේතු වී ඇත.
කැලිෆෝනියාවේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ ප්‍රධානී චාර්ල්ස් ජේ මූරේ පවසන්නේ පසුගිය වසර පහ තුළ මහා පරිමාණයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය මුහුදු පරිසරයේ දක්නට ලැබෙන බවයි. එය යමකු කම්පනයට පත්කිරීමට සමත් අතිවිශාල ප්‍රමානයක් බව ද ඔහු කියයි.
මුහුදේ පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයක් යැයි සිතා බොහෝ මුහුදු පක්ෂීන් ඒවා ආහාරයට ගනී. දූපත්වාසී මුහුදු පක්ෂීන්ගෙන් සියයට 90ක් පමණ මියයන්නේ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් බව ද ඔහු කියයි.
පැසිපික් සාගරයේ ටොන් ගණන් අපද්‍රව්‍ය එකතු වූ ස්ථාන තිබෙන බව ද මුරේ ඇතුළු කණ්ඩායමේ නිරික්ෂණයට ලක්ව ඇත. අප භාවිතා කරන දත් බුරුදුවේ සිට වාහන ටයර් දක්වා විවිධ භාණ්ඩ ඒ අතර වන බව ද ඔහු කියා සිටියි.
විශාල මසුන්ගේ බෙල්ලේ හා වළිගවලත් වරල් වලත් ප්ලාස්ටික් පටි හා දවටන රැඳී තිබේ යැයි ඔහු නිරීක්ෂණය කර ඇත. මියගිය එක් තල්මසකුගේ උදරයේ ප්ලාස්ටික් බෑග් 100ක් පමණ තිබී ඇත. අපවහන පද්ධති ඔස්සේ ගලා එන ෂැම්පු, තොල් ආලේපන, සබන් වැනි සනීපාරක්ෂක හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් විසින් ආහාරයට ගන්නා බව ද නිරීක්ෂණය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය දිරාපත් කරන්න ක්‍රමයක් සැළසුම් කරන්න. අපේ උගත් විද්වතුන්ට මෙය බාර කරමු (නි)