නිව්යෝක් බ්රුක්ලින් නගරයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  සහ සැකකරුවකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා සැකකාර වෙඩික්කරුවෙකු බරපතල තත්වයෙන්  රෝහලේ ප්‍රතිකාර ලබන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැකකරු අවුරුදු 34ක් වයසැති ජෙමල් ෆියුන්ස් නම් අයෙකි. වෙඩි පහරක ශබ්දයක් ඇසී එදෙසට ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රැගත් පොලිස් රථයටද හානි කරමින් ෆියුන්ස් නම් සැකකරු පලායන අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ එම එම වෙඩික්කරු අතර වෙඩි හුවමාරුවක් ඇතිව තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වේ.