
බටහිර අප්‍රිකාවට අයත්, බර්කිනා ෆාසෝ රාජ්‍යයේ, පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව පැවැසිණි.
නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ පල්ලියක මෙම වෙඩි තැබීම සිදුවුණු බව මාධ්‍ය වාර්තා කරයි.
පල්ලියේ ආගමික කටයුතු සිදුවන අවස්ථාවේ ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd